යළිත් සංචරණ සීමා..සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගෙන් දැනුම් දීමක්.
සංචරණ සීමා ලිහිල් කර ඇති පසුබිමක ව සෞඛ්‍ය මාර්ගඋපදේශ නොතකා කටයුතු කරන්නේ නම් අකමැත්තෙන් වුවද නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ජනතාව ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු නොකළහොත් නැවතත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් එවිට 15 වැනිදා පූර්ණ රට විවෘත කිරීමට යා හැකි වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.
ඒ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ තරයේම පිළිපදින්නැයි තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මේ අතර දිවයිනේ නගර රැසක් ඊයේ පෙරවරුවේ ජනතාවගෙන් පිරී පැවති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
කැළණිය අළුත් පාලම සහ කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීම අසල ද දැඩි රථවාහන තදබදයක් පැවැති බවයි අපට වාර්තා වුනේ.
පෙර දිනවලට සාප්ක්ෂව ඊයේ දිනයේ වැඩි රථවාහන සංඛ්‍යාවක් කොළඹට ඇතුළු වී තිබෙනවා.
බොහෝ ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා සෞඛ්‍ය නියමයන්ට අනුව ක්‍රියාත්මක කෙරෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය කරන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ජංගම පරීක්ෂණ කණ්ඩායම් ද යොදවා ඇතැයි ඔවුන් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
