සියල්ල උඩු යටිකුරු කරමින් මෙවර මන්ත්‍රී ආසන සංඛ්‍යාව වෙනස් වෙයි - එක් එක් දිස්ත්‍රික්ක අනුව සිදුවන වෙනස මෙන්න..
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසනවල වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධූරය බැගින් එක්වී ඇති අතර කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධූරය බැගින් අඩු වී තිබෙනවා.
2023 ඡන්ද නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18 ක් ලෙස දැක්වුණු අතර නව වැඩිවීමත් සමග එය දැක්වුණේ 19ක් ලෙසයි.
එමෙන්ම 2023 ඡන්ද නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධූර 19ක් හිමිව තිබූ අතර එය නව සංශෝධනයට අනුව 18ක්.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වී ඇත්තේ 6ක් දක්වායි.
අනෙක් දිස්ත්‍රික්කවල මන්ත්‍රී ධූර සංඛ්‍යාවේ වෙනසක් සිදුව නොමැති අතර ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව දැක්වුණේ 12ක් ලෙසයි.
මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 5ක් ලෙසත්, නුවරඑළියේ 5ක් ලෙසත්, ගාල්ල 9ක් ලෙසත් දැක්වෙනවා.
ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව දැක්වුණේ 7ක් ලෙසයි. හම්බන්තොට 7ක් ලෙසත්, වන්නි 6ක් ලෙසත්. මඩකලපුව 5ක් ලෙසත් සඳහන් වුණා.
එමෙන්ම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7ක් ලෙස දැක්වුණු අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව සටහන් වූයේ 4ක් ලෙසයි.
මීට අමතරව කුරුණෑගල 15ක් ලෙසත්, පුත්තලම 8ක් ලෙසත්, අනුරාධපුරය 9ක් ලෙසත්, පොළොන්තරුව 5ක් ලෙසත් දැක්වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව දැක්වුණේ 9ක් ලෙසයි. මොණරාගල 6ක් ලෙසත්, රත්නපුර 11ක් ලෙසත්, කෑගල්ල 9ක් ලෙසත් සඳහන් වුණා.