කුකුල් මස් ගේන්නට කඩයට ගිය කුඩා දැරියක් අතුරුදන්..

Sri Lanka Ministry of Defense Sri Lanka
By Sithumi May 27, 2022 02:43 PM GMT
Sithumi

Sithumi

Report

09 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේ දැරියගේ දෙමව්පියන් විසින් එලෙස පොලීසියට පැමිණ පැමිණිලි කළ බවය. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අටුලුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ අතර 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නමැති දැරියකි.

දැරිය අද (27) පෙරවරු 10ට පමණ නිවසට කුකුළු මස් රැගෙනඒම සඳහා නිවසේ සිට මීටර් 200ක් පමණ ඈතින් ඇති වෙළෙඳසැළට ගොස් තිබේ. නමුත් ඇය යළි නිවස වෙත නොපැමිණි බව ඇයගේ මව පවසයි. අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා බව පොලීසිය කියයි.

දැරිය අදාළ වෙළෙඳසැළෙන් පිටව යන අයුරුද අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ. ඒ අනුව දැරිය සොයා මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now