ඕස්ට්‍රේලියාව බලා පියාසර කළ ලංකාවේ යානයට මැද අහසේදී අකුණු ගහලා - මගීන්ට මොකද වුණේ?
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අකුණු සැර වැදීමක් හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ යූ.එල්. 606 දරණ ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදී ඇති බවත්, ආරක්ෂිත පියවරක් ලෙස යානය යළි ගොඩබෑමට කටයුතු කළ බවත්ය.
අනතුරුව අදාළ මගීන් වෙනත් ගුවන් යානයකින් මෙල්බර්න් නුවර බලා පිටත් කර යැවූ අතර, මෙම සිද්ධිය හේතුවෙන් ගුවන් ගමන පැය පහකට වැඩි කාලයක් ප්‍රමාද වී තිබේ.
සිද්ධියෙන් කිසිදු මගියෙකුට හෝ යානයට හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.