කාලගුණෙන් දිස්ත්‍රික්ක 15 කට රතු අනතුරු ඇඟවීමක්
බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සහ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද දින දැඩි අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 15 කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 10 කට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවමින්, අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.