නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුම් - හේතුව මෙන්න

Report

නීතිඥ භාවය අත් හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට වරදකරු කළ ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වේ.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම වග උත්තරකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකකරන විනිසුරු අචල වෙංගප්පුලි මහතා මෙම වග උත්තරකරුට පෙර වැරදි නොමැති බවත් දඬුවම් නියම කිරීමේදී අධිකරණය ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවත් සඳහන් කර ඇත.

හිටපු ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඊට අමතරව වග උත්තරකරු තිදරු පියෙකු යන කරුණත් සලකා බලා ඔහුට වසර තුනක සිරදඬුවම් නියම කරන බව සඳහන් කළේය.

එසේම මෙම වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම තුළින් ඔහු නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයෙන් කටයුතු කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව ඔහු නීතිඥ භාවයෙන් නෙරපා හරින ලෙස නියෝගයක් නිකුත් කරන බවත් සඳහන් කළේය.

අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් සහ නීතිඥවරයෙකුට නොගැලපෙන ආකාරයෙන් නඩු විභාගයක් සඳහා පෙනී සිටින අතරතුරදී කරුණු ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි චෝදනා කරමින් කලින් නීතිඥවරයෙකුව සිටි වග උත්තරකාර සුසිල් ජයතුංග මහතාට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

කුඩා ළමුන් ගැන ඇග හිරිවැටෙන අනාවරණයක්

කුඩා ළමුන් ගැන ඇග හිරිවැටෙන අනාවරණයක්