ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටි අවසාන පිරිමි සීබ්‍රා හදිස්යේම මියයයි. - ඇත්තම හේතුව හෙළිවෙයි. - (VIDEO)
By Wayomi
ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටි අවසාන පිරිමි සීබ්‍රා සත්වයා මීට දින කිහිපයකට පෙර මියගොස් තිබෙනවා.
දැනට ලංකාවේ ඉතිරිව සිටින්නේ සීබ්‍රා සතුන් දෙදෙනෙක් පමණක් වන අතර එම සතුන් දෙදෙනාම ගැහැනු සතුන් වනවා.
පිරිමි සීබ්‍රා සත්වයා අභිජනනය සඳහා දින 3කට පෙර රිදීගම සෆාරී උද්‍යානයේ සිට එන්නත් කර නිදි කරවා දෙහිවල සත්තු උද්‍යානයට ගෙන එන අතරතුරදී මියගොස් තිබෙනවා.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සේවකයන් චෝදනා කරන්නේ මෙම සත්වයාට එන්නත් අතිමාත්‍රාවෙන් ලබාදීම මිය යාමට හේතු වන්නට ඇති බවයි.