ගෑස් සිලින්ඩර් වල ගෙනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම(PHOTOS) ..09ක් කොටු වෙයි.
Police
Sri Lanka navy
Scel drugs trafficking
Weligama beach
By Aruna
ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණි හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
අද (13) අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයා ගැනුණි.
රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැටලීම සිදුකර තිබේ.
මෙම සිද්ධියට අදාලව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදී පුද්ගලයින් 06 දෙනෙකු එම යාත්‍රාවේ සිට ඇතිබවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




