ගෑස් සිලින්ඩර් වල ගෙනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම(PHOTOS) ..09ක් කොටු වෙයි.

Police Sri Lanka navy Scel drugs trafficking Weligama beach
By Aruna Jun 13, 2021 01:58 AM GMT
Report

ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණි හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

අද (13) අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයා ගැනුණි.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැටලීම සිදුකර තිබේ.

මෙම සිද්ධියට අදාලව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

එහිදී පුද්ගලයින් 06 දෙනෙකු එම යාත්‍රාවේ සිට ඇතිබවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery