වෙඩි තැබීමකින් 130 කට අධික පිරිසක් මරුට.
Terrorist
World
People killed shooting
Burkina farsoo
By Aruna
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 130 කට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයන් එකසිය තිස් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්තම ඝාතන ලෙස මෙය හැඳින්විය හැකියි.
ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ජගත් සංවිධානය මෙය හැඳින්වුව ද එරට ක්‍රියාත්මක කිසිඳු ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නැහැ.
ප්‍රහාරය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ජගත් සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසනවා.
සාමාන්‍ය ජනතාවට එරෙහිව සිදුවන මෙවැනි ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |