හෙට සතොසින් බඩු ගන්න ඔයාට මරු චාන්ස් එකක් - විශේෂ අවස්ථාවක් ගැන දැනුම්දීමක්

Report

රජයේ ප්‍රධානතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස ආයතනය විසින් පසුගිය සිංහල හා දමිළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරන ලද සතොසින් පිරි අවුරුදු සිරි විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව පැවැත්වූ දැවැන්ත දිනුම් ඇඳීමේ තරඟයේ වාසනාවන්ත ජයග්‍රාහකයන් සඳහා නිල වශයෙන් ත්‍යාග ප්‍රදානය කිරීමේ මහෝත්සවය හෙට 19 වැනිදා උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම සුවිශේෂී රාජ්‍ය ත්‍යාග ප්‍රදානෝත්සවය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලංකා සතොස උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් රිමාන්ඩ්

ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් රිමාන්ඩ්

මෙම මහා දිනුම් ඇදීමේ තරඟයේ වාසනාවන්ත ප්‍රථම මහා ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 49 ක් වටිනා අතිනවීන බී.ඒ.ඩබ්ලිව් ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ජයග්‍රාහකයා වෙත පිරිනැමීමට නියමිත අතර ඊට අමතරව රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් රථ 2 ක්, වටිනා ගෘහ භාණ්ඩ කට්ටල 2 ක් සහ නවීන ස්මාර්ට් ජංගම දුරකථන 100 ක් ද මෙහිදී අනෙකුත් වාසනාවන්ත ජයග්‍රාහකයන් වෙත නිල වශයෙන් බෙදා දීමට නියමිතව ඇත.

එමෙන්ම මෙම සුවිශේෂී ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව එළඹෙන අගෝස්තු මාසයේදී දිවයින පුරා ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන සතොසින් කෝටියක් යන සුවිශේෂී තේමාව යටතේ හැඩවෙන සතොස නිකිණි වාසනා නව මහා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන නිල වශයෙන් මාධ්‍ය වෙත හඳුන්වාදීම ද මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා - ඇමති ආනන්ද විජේපාල

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා - ඇමති ආනන්ද විජේපාල