ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්ථාව(VIDEO)
By Sewvandhi
ලබන දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදිරයේ තරග ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයේ සිට නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.
වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ කොවිඩ් එන්නත් දෙකම ලබාගත් ප්‍රේක්ෂකයි සඳහා පමණක් මෙම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.
මහාචාර්ය අර්ජුන ද සිල්වා - ප්‍රධානී - ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය මේ අතර ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 නායක දසුන් ශානක සිය නිල Twitter ගිණුමෙහි සටහනක් තබමින් කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස තරුණ ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
