අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීට ඇප
මහා පරිමාණ මූල්‍ය දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න මහතාව දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද 19 වැනිදා නිල වශයෙන් නියම කළේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් ද පැනවීමට නියෝග කළේය.
පාසල් ක්‍රීඩා උත්සවය අතරතුර 15 හැවිරිදි සිසුවිය බරපතල ලෙස දූෂණය කරලා - විදුහල්පති ඇතුළු පිරිස අත්අඩංගුවට
ඊට අමතරව සැකකරු සතු විදේශ ගමන් බලපත්‍රය ද වහාම අධිකරණ භාරයට දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී සැකකාර සාමාන්‍යධිකාරිවරයාට සෘජුවම නියම කළේය.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම බැහැරව හම්බන්තොට ලංකා ලුණු සමාගම සඳහා ඇසුරුම් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී රුපියල් 14300000 ක අතිවිශාල මූල්‍ය පාඩුවක් සිතාමතාම රජයට සිදු කර ඇති බවයි.
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතාගේ ආන්දෝලාත්මක තොරතුරු රැසක් එළියට - තට්ට හිසක් සහිතව ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
එම බරපතළ දූෂණ චෝදනා විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අද පෙරවරුවේ නිල වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.