තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතාගේ ආන්දෝලාත්මක තොරතුරු රැසක් එළියට - තට්ට හිසක් සහිතව ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා

Report

තෙල්දෙණිය මූලික රෝහල අසල සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය විසින් සැකකාර පෙම්වතා පිළිබඳව තැතිගන්වන සුලු තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති 38 හැවිරිදි පෙම්වතා නීත්‍යානුකූල විවාහකයෙකු බවට මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇත.

මෝටර් රථයකින් හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු එළියට - පෙම්වතා අතුරුදන්

මෝටර් රථයකින් හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු එළියට - පෙම්වතා අතුරුදන්

සැකකරු මුලින් ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට තොරතුරු වාර්තා වුවද, ඔහුගේ සැබෑ ස්ථීර පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් කාන්තාවන් සහ තරුණියන් සමඟ ව්‍යාජ ප්‍රේම සබඳතා පවත්වමින් ඔවුන්ගේ මුදල් සූක්ෂ්ම ලෙස වංචා කරන ලද මහා පරිමාණ කපටි ජාවාරම්කරුවෙකු බව ද හෙළි වී තිබේ.

ඔහුට එරෙහිව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම දිවයිනේ විවිධ පොලිස් ස්ථානවල මූල්‍ය වංචා පැමිණිලි රැසක් ඇති අතර අධිකරණ කිහිපයකම නඩු ද පවතී.

හිසෙහි තට්ටය සහිත පුද්ගලයෙකු වන මොහු කාන්තාවන්ව ඉතාමත් සූක්ෂ්ම ලෙස රැවටීම සඳහා ව්‍යාජ බොරු කොණ්ඩයක් භාවිතා කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එසේම මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවට මුලින් මාධ්‍ය මඟින් වාර්තා පළවුවද, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.

පෙරේදා පස්වරුවේ භෞත චිකිත්සකවරියගේ මළ සිරුර හමු වූ අදාළ මෝටර් රථය ද මෙම සැකකරු රහසිගත සබඳතාවක් පැවැත්වූ අම්පාර ප්‍රදේශයේ පදිංචි වෙනත් බාහිර කාන්තාවකට අයත් එකක් බවට හෙළි වී ඇති අතර, ඇගෙන් ද පොලීසිය මේ වන විට දීර්ඝ ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක මියගිය තරුණිය සහ මෙම සැකකරු පසුගිය ජූනි 3 වැනිදා සිට 16 වැනිදා දක්වා එකට රැඳී සිට ඇති අතර, එහිදී භෞත චිකිත්සකවරියව නුවරඑළියේදී ඝාතනය කර මළ සිරුර මෝටර් රථයේ දමාගෙන තෙල්දෙණිය රෝහලේ රථ ගාල අසලට රැගෙන විත් දමා සැකකරු පලා ගොස් ඇති බවටයි පොලිසිය දැඩි ලෙස සැක කරන්නේ.

මියගිය තරුණිය සිය පෙම්වතා සමඟ කැනඩාවට යෑමේ දැඩි අපේක්ෂාවෙන් රුපියල් කෝටි 1.5 ක පමණ අතිවිශාල මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ඉහළ පොලී මත ලබාගෙන මෙම සැකකරු වෙත විශ්වාසයෙන් ලබාදී ඇති බව ද තහවුරු වී ඇත.

පාසල් ක්‍රීඩා උත්සවය අතරතුර 15 හැවිරිදි සිසුවිය බරපතල ලෙස දූෂණය කරලා - විදුහල්පති ඇතුළු පිරිස අත්අඩංගුවට

පාසල් ක්‍රීඩා උත්සවය අතරතුර 15 හැවිරිදි සිසුවිය බරපතල ලෙස දූෂණය කරලා - විදුහල්පති ඇතුළු පිරිස අත්අඩංගුවට

මෙම කපටි සැකකරු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ සෘජු මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට දිවයින පුරා පුළුල් මෙහෙයුම් දියත් කර තිබේ.

GalleryGalleryGallery