ශ්‍රී ලංකාවත් වන ගහනයෙන් ඉහළ රටවල් ත්‍රිත්වයේ...(PHOTOS)

By Parami Dissanayake Aug 03, 2024 05:06 PM GMT
Report

වන ගහනය සියයට 30 සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර දකුණු කොරියාව සහ ජපානය යන රවටල් දෙක ද ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාවත් වන ගහනයෙන් ඉහළ රටවල් ත්‍රිත්වයේ...(PHOTOS) | Lanka Is Among 3 Countries With Highest Population

රටක් තුළ පවතින වනාන්තරවල ප්‍රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව ද එම නිලධාරීන් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය 2018 වන විට හෙක්ටයාර මිලියන 1.4 ක පමණ වනාන්තර ගැසට් කර ඇත.

ශ්‍රී ලංකාවත් වන ගහනයෙන් ඉහළ රටවල් ත්‍රිත්වයේ...(PHOTOS) | Lanka Is Among 3 Countries With Highest Population

කෙසේවෙතත්, මේ වන විට වනාන්තර පිලිබඳ ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් විමසා ඇති අතර තවමත් ප්‍රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්දහසක් පමණ පවතින බවත් ඊට පිළිතුරු ලබාදෙමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර තිබුණි.

ඒ අනුව, මෙහිදී කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ, එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට් කිරීමට කටයුතු කරන ලෙස ය. 

Gallery