ඉදිරි පැය ටික ලංකාවට තීරණාත්මකයි?. දිස්ත්‍රික්ක 6ක ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.. අවදානයෙන්ම ඉන්න..
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ දිස්ත්‍රික්ක 06 ක් සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කළ බවයි.
මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන බව සඳහන් වේ.
අද (01) දින ප.ව. 4.00 සිට හෙට (02) දින ප.ව. 4.00 දක්වා එය වලංගු වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) 1)
1).මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර,උඩපලාත, දෙල්තොට, ගඟවට කෝරළය, පාතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර, යටිනුවර, මැදදුම්බර, දොළුව, උඩුනුවර, තුම්පනේ, පූජාපිටිය, පන්විල, පස්බාගෙ කෝරළය ,අකුරණ, හතරලියද්ද, ගඟ ඉහළ කෝරළය
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ) 2)
2).බදුල්ල දිස්ත්‍රික්කය: බදුල්ල, පස්සර, හාලිඇල, මීගහකිවුල, බණ්ඩාරවෙල
3)කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, මාවනැල්ල, යටියන්තොට
4)කුරුණෑගල දිස්ත්‍රික්කය: රිදීගම
5)මාතලේ දිස්ත්‍රික්කය: අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව, නාඋල, යටවත්ත, පල්ලේපොල, ලග්ගල, පල්ලේගම,මාතලේ
6)නුවර එළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත, කොත්මලේ, වලපනේ
You May Like This Video👇
.
