සබරගමුවේ ප්‍රා.ලේ. අටකට ‍ ‘‘ඇම්බර්‘‘ නිවේදන

Land slide sei lanka Amber annousments
By Sithumi Jul 10, 2021 03:15 PM GMT
Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට නායයාමේ දෙවන (ඇම්බර්) මට්ටමේ පූර්ව අවදානම් නිවේදන අද දහවල් (10) නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කහවත්ත, රත්නපුර, නිවිතිගල සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස ආශ්‍රීත ප්‍රදේශ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම කොට්ඨවලට ගෙවුනු පැය විසි හතර තුල මිලිමිටර් 100ට වැඩි වර්ෂාපතන ලැබී ඇත. වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ සිදුවීම් විය හැකි නිසා අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අවශ්‍ය වුවහොත් ආරක්‍ෂාකාරී තැනකට යාමට සූදානමින් සිටින්නැයිද දන්වයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨස දෙකට පළමු (විමසිලිමත්) මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එම ප්‍රදේශවලට ගෙවුනු පැය විසිහතර තුල මිලි මීටර් 75ක් ඉක්මවු වර්ෂාපතනයක් ලැබී තිබේ. තවදුරටත් වැස්ස පවතී නම් අවදානයෙන් සිටින්නැයි එම කොට්ඨසවල මහජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.