හිටපු ඉඩම් ලොක්කා ප්‍රසිද්ධියේම චමින්ද්‍රාණි කිරිඇල්ලගෙන් සමාව ඉල්ලයි - හේතුව මෙන්න

Report

මහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 43ක් වූ රජයේ ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා ලදැයි පිළිබඳව පසුගිය වසරේ ජූලි 17 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියගේ නම අසත්‍ය ආකාරයෙන් සඳහන් වීම සිදු විය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලියනගේ පද්මසිරි මහතා විසින්  මෙම අසත්‍ය ප්‍රකාශය සිදු කර තිබේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නෑ - ට්‍රම්ප්ව ගනන් ගන්නේ නැති බව ඉරානෙන් අපහාස

ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නෑ - ට්‍රම්ප්ව ගනන් ගන්නේ නැති බව ඉරානෙන් අපහාස

එම නිසා චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියගේ කීර්ති නාමයට හානියක් වීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලියනගේ පද්මසිරි මහතා  පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවේදී  කිරිඇල්ල මහත්මියගෙන් සමාව ඉල්ලා සිටියේය.

වාහන වර්ගය අනුව සතියකට වැය කළ යුතු ඉන්ධන කෝටාවේ මිල මෙන්න

වාහන වර්ගය අනුව සතියකට වැය කළ යුතු ඉන්ධන කෝටාවේ මිල මෙන්න

ඔහු සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සමාව අයැද සිටි බව එම කමිටුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවටද (කෝප් කමිටුවට) දැනුම්දී ඇත. වැරදි ප්‍රකාශය සංස්කරණය නොකර විකාශනය කිරීමෙන් මන්ත්‍රීවරියගේ කීර්ති නාමයට හානියක්වී ඇති හෙයින් එම වරද නිවැරදි කර පාර්ලිමේන්තුවට දන්වන ලෙසද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුවට වැඩිදුරටත් දන්වා ඇත