ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.(VIDEO)

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Jan 16, 2025 12:18 AM GMT
Aruna

Aruna

Report

ඉර උදාව - පෙ.ව. 06.27

ඉර බැසීම - ප.ව. 06.13

රාහු කාලය - දවල් 01.48 - 03.16

සුබ දිශාව - නැඟෙනහිර

🔴 මේෂ ලග්නය

  වගකීම් බහුල කරයි. වෙනදාට වඩා වෙහෙසකාරී බවක් ඇති කරයි්. ගනුදෙනුවකින් නිදහස සැලසේ. අමතර වියදම් බහුල දිනයකි.

🔴 වෘෂභ ලග්නය

සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

🔴 මිථුන ලග්නය

පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. හුදකලාව කටයුතු කිරීමට කැමැති බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

🔴 කටක ලග්නය

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි බවක් පෙනේ. සැලසුමක් වෙනස්කරන දිනයකි.

🔴 සිංහ ලග්නය

 උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට අවස්ථාව උදා කරයි. ශාරීරික වෙහෙසීම බහුල දිනයකි.

🔴 කන්‍යා ලග්නය

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.


🔴 තුලා ලග්නය

බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.

🔴 වෘශ්චික ලග්නය

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්කරයි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.

🔴 ධනු ලග්නය

ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.

🔴 මකර ලග්නය

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

🔴 කුම්භ ලග්නය

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.

🔴 මීන ලග්නය

වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.  

සතියේ ලග්න පලාඵල ගැන සියලු විස්ථර පහත වීඩියෝවෙන් නරඹන්න👇


ReeCha