ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.(VIDEO)
ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම - ප.ව. 06.13
රාහු කාලය - දවල් 01.48 - 03.16
සුබ දිශාව - නැඟෙනහිර
🔴 මේෂ ලග්නය
වගකීම් බහුල කරයි. වෙනදාට වඩා වෙහෙසකාරී බවක් ඇති කරයි්. ගනුදෙනුවකින් නිදහස සැලසේ. අමතර වියදම් බහුල දිනයකි.
🔴 වෘෂභ ලග්නය
සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
🔴 මිථුන ලග්නය
පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. හුදකලාව කටයුතු කිරීමට කැමැති බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
🔴 කටක ලග්නය
ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි බවක් පෙනේ. සැලසුමක් වෙනස්කරන දිනයකි.
🔴 සිංහ ලග්නය
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට අවස්ථාව උදා කරයි. ශාරීරික වෙහෙසීම බහුල දිනයකි.
🔴 කන්යා ලග්නය
උගත් දෙයින් ප්රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.
🔴 තුලා ලග්නය
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
🔴 වෘශ්චික ලග්නය
ඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්කරයි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
🔴 ධනු ලග්නය
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
🔴 මකර ලග්නය
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
🔴 කුම්භ ලග්නය
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
🔴 මීන ලග්නය
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
සතියේ ලග්න පලාඵල ගැන සියලු විස්ථර පහත වීඩියෝවෙන් නරඹන්න👇