වැල්ලෙත් බඹර කැරකෙන ප්‍රබල ග්‍රහ යෝගයක් - බලන්න ඔයාගේ ලග්නයටත් අද කොහොම බලපායි ද කියලා.

Sri Lanka Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 13, 2023 12:05 AM GMT
krishani

krishani

Report

මේෂ ?

විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.

වෘෂභ ?

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

මිථුන ?

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි.සමාජශීලීත්වය, කලාකාමිත්වය, ඒ සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, ඒ අතරින් කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ.

කටක ?

මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.ඔබගේ සමාජශීලීත්වය, කලාකාමිත්වය, ඒ සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, ඒ අතරින් කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ.

සිංහ ?

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

කන්‍යා ?

අද ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වනු ඇත.

තුලා ? 

ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි.ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වනු ඇත.

වෘශ්චික ?

අද ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. හවුල් කටයුතුවලටද ඉතාමත් යෝග්‍ය වේ.

ධනු ?

අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

මකර ?

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. ඔබගේ දියුණුව ඇති වේ.ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ.ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.

කුම්භ ?

ඔබේ දියුණුවේ දොරගුලු විවර වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.ඔබේ දියුණුවට මග සැළසේ.

මීන ?

අද ඔබට එතරම් යහපත් නොවේ. හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ.ඔබගේ සමාජශීලීත්වය, කලාකාමිත්වය, ඒ සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, ඒ අතරින් කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. ව්‍යාපාරවල නිරත වන අයට යහපත් දවසකී.

ReeCha