පොලීසිය තුළ උපන්දිනය සැමරීමට ඉඩදුන් ASPට ස්ථාන මාරුවක්

mayor Ajith Rohana kurunagala birthday party kurunagala ASP
By Sewvandhi May 31, 2021 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමක් කුරුණෑගල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක දී පැවැත්වීමේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ස්ථාන මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය නිර්දේශ කර තිබේ.

අදාළ නිර්දේශය මේ වන විට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කුරුණෑගල නගරාධිපතිවරයා ඔහුගේ උපන්දිය වෙනුවෙන් පොලිස් ස්ථානයකදී කේක් කපා සැමරුමක් සිදුකරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. අදාළ සිද්ධිය පොලිස් මූලස්ථානය දැඩිව හෙළා දකින අතර ඒ පිළිබඳ පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගි වු අතර එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දිනය සැමරීමද සිදුකෙරුණි.

එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුකර තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now