ප්‍රභල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කුඩු රොෂාන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ සන්තකයෙ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 3ක් සොයාගෙන ඇත. ඒ අතර, අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර කළ සැකකරුවෙකුද කොල්ලුපිටිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සඳුදා පෙරවරුවේ අම්බලන්ගොඩ නගරයේ එම වෙළෙඳ ආයතනයට ඇතුළු වූ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා විසින් කළමනාකරුවා වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇති අතර, ඔවුන් පැමිණි යතුරුපැදිය පසුව අම්බලන්ගොඩ කුරුදුවත්ත ආඳාදොළ මාර්ගයේදී සොයාගෙන තිබේ.
විමර්ශනවලදී වෙඩික්කරුවන්ගේ යතුරුපැදිය අත්අඩංගුවට ගත් සැකකරුවා විසින් එය රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කෙරේ.