කොටහේන ඝාතකයන් පැමිණී මෝටර් රථය හමුවේ - වාහනය ඇතුලේ තිබුණු දේ මෙන්න

Report

පසුගියදා 99 මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට විමර්ශන රැසක් සිදුවෙමින් පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවූ බව කොටහේන පොලිසිය සඳහන් කරයි. එම මෝටර් රථය අසුන මත තිබී පිස්තෝල වර්ගය උන්නේ සහ උල් පිහියක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඉකුත් හත් වන දින රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුවූ අතර කොටහේන්නේ කොලේජ් වීදියේ දාසය වන පටු මගේ බුද්ධික ප්‍රනාන්දු නැමති අය මේ ආකාරයෙන් මිය ගියේය.

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය සහ වත්තල පොලිසිය කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.

මෙම ප්‍රදේශය තුළ අපරාධවල නියැලෙන පලනි රිමෝෂන් සහකුඩු සෙල්විගෙ පුතුන් අතර වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදුවී ඇතැයි සඳහන්වේ.

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට