කොරෝනා ව්‍යාප්තියේ නවතම සොයාගැනීම... වඩාත් අවදානම්... ප්‍රභේද 2ක් එකවර
By Wasantha
එක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. ඒ බෙල්ජියමේ 90 හැවිරිදි කාන්තාවකට ඇල්ෆා (බ්‍රිතාන්‍ය) සහ බීටා (දකුණු අප්‍රිකාව) යන ප්‍රභේද දෙකම ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟමයි.
මෙම වසරේ මාර්තු මස දී මිය ගොස් ඇති එම කාන්තාව කොවිඩ් එන්නත් කිසිවක් ලබා ගෙන නොමැති බව සහ ඇයට කොරෝනා වෛරස් ප්‍රභේද දෙක ආසාදනය වී ඇත්තේ අවස්ථා දෙකකදී බව වෛද්‍යවරු පවසනවා.
කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීම දුර්ලභ සිදුවීමක් බව විද්‍යාඥයින්ගේ අදහසයි. එසේම මෙවැනි තත්ත්වයක් වාර්තා වූ ලොව ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |