උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුද ගැන කට අරී - දැන් ආයේ හරවන්න බෑ - කිම් ජෝන් උන් කියයි

Report

ඉරානය සමඟ ඇමරිකා එක්සත් ජනපදය කළ යුද්ධයෙන්, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි තබා ගැනීමට ගත තීරණය නිවැරදි යැයි ඔප්පු වෙන බව උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් පවසා ඇත.

උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාව අමතමින් උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ඇමරිකාවේ "රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදය සහ ආක්‍රමණශීලී ක්‍රියාවන්" සම්බන්ධයෙන් චෝදනා කළේය.

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

උතුරු කොරියාව සමග එක්සත් ජනපදය විසින් න්‍යෂ්ටික අවි ගබඩාව අත්හැරීම සඳහා කල "මිහිරි කතාව" ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත යැයි වර්තමාන තත්වය පැහැදිලිව ඔප්පු කල බව ඔහු පවසා ඇත.

එමෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික තත්ත්වය දැන් "ආපසු හැරවිය නොහැකි" බව ඔහු පැවසීම සැලකිය යුතු කරුණකි. තවද උතුරු කොරියාව මෑතකදී නව යුද නැවකින් කෲස් මිසයිල දියත් කිරීම් සහ රාජ්‍ය මාධ්‍ය න්‍යෂ්ටික හැකියාව ඇති රොකට් ලෙස විස්තර කරන ප්‍රහාර ඇතුළු ඉහළ පෙළේ අවි අත්හදා බැලීම් මාලාවක් ප්‍රදර්ශනය කිරීම සිදුවිය.   

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි