දියවැඩියාවයි වකුගඩු රෝගයයි අතර සම්බන්ධය මොකක්ද?. බය වෙන්න දෙයක් නැහැ.. කලින්ම දැනගෙනම ඉන්න..

Kidney Disease Hospitals in Sri Lanka Diabetes Latest Headlines Decision Making
By krishani Oct 26, 2024 06:53 PM GMT
krishani

krishani

Report

දියවැඩියාව කීවහම අද සුලභව ඇහෙන ලෙඩක්.

ලොව පුරා නිදන්ගත වකුගඩු රෝගයට බලපාන ප්‍රධානතම රෝගය වන්නේ දියවැඩියාව වේ.

මෙම රෝගී තත්ත්වය බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නියම කෙරෙන ඖෂධ මඟින් පාලනය නොකළහොත් වකුගඩු රෝගය උග්‍ර තත්ත්වයට පත් විය හැකිය.

එමෙන්ම, අවසානයේ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් අඩු වී යයි.

ජනාධිපතිවරණයෙන් පස්සෙ හා හා පුරා කියලා තිබ්බ.. ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි.. බලය මාලිමාවට..

ජනාධිපතිවරණයෙන් පස්සෙ හා හා පුරා කියලා තිබ්බ.. ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි.. බලය මාලිමාවට..


පසුව තන්තු භවනය නිසා හැකිළී ගිය නිදන්ගතව රෝගී වූ වකුගඩු යුගලක් ඇතිවීම වළක්වන්නට බැරී වේ.

දිය වැඩියාවේ බලපෑම හේතුවෙන් වකුගඩු රෝගී වන තවත් හේතු වන්නේ වකුගඩු ආශ්‍රිතව ආසාදන ඇති වීමයි.

ඒ එම ආසාදන නිසා මුත්‍රා ගල් ඇතිවීමේ තත්ත්වයත් නිසා ය.

දියවැඩියාව නිසා වකුගඩු රෝගී වීමේ අවදානමට ලක්වූ රෝගියකු අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් කිහිපයක් ඇත.

* රුධිරයේ සීනි ප්‍රමාණය නිසි පරිදි පවත්වා ගැනීම හා එය පාලනය කරගැනීමය.

* රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීම.

* 130-80 mmHg රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීම.

* ලුණු පරිභෝජනය අඩු කිරීම.

* මානසික ආතතිය පාලනය කිරීම.

* දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම.

* අධික මත්පැන් පානයෙන් වැළකීම.

* මෙවැනි රෝගීන්ගේ BMI දර්ශකය නැතහොත් උසට සරිලන බර මැනවින් පවත්වා ගත යුතු අතර ඔවුන් දිනපතා ව්‍යායාම කළ යුතුය.

එහෙත් ව්‍යායාම කිරීමේදී අධිකව කය වෙහෙසීම සිදු නොකළ යුතු අතර ශරීරය දහඩිය දැමීමෙන් විජලනය වීම වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කළ යුතුය.

නිමක් නැති ජාවාරම්.. සල්ලි හොරා කන.. අතිෂය වැදගත් දෙයක් ඔයාට මෙන්න..

නිමක් නැති ජාවාරම්.. සල්ලි හොරා කන.. අතිෂය වැදගත් දෙයක් ඔයාට මෙන්න..


ඉතා වැදගත්ම කාරණාවක් වනුයේ වකුගඩුවලින් ප්‍රෝටීන කාන්දු වීම වළක්වා ගැනීම ය.

එලෙස ප්‍රෝටීන් පිටවන බවට දනගත හැකි ලක්ෂණයක් වන්නේ මුත්‍රා කරද්දී වෙනදාට වඩා අධික ලෙස පෙණ ඇති වීමය.

එවත් සැක සහිත තත්ත්වයක් ඇති වූ වහාම ඔබ කළ යුත්තේ ඊට සුදුසු වෛද්‍යවරයකු හමු වී සත්‍ය තත්ත්වය පවසා ප්‍රතිකාර ලබා ගැනීමය.

මෙම තත්ත්වය කලින්ම වටහාගෙන අවබෝධ කර ගන්නේ නම් වෛද්‍යවරයාට එම රෝග තත්ත්වය නිට්ටාවටම සුව කිරීමේ හැකියාව පවතී.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි..