තරුණියක් මිලියනයකින් එක් අයෙක් මුහුණ දෙන ගැබ් ගැනීම් තත්ත්වයකින් දරුවන් 02ක් බිහි කරයි.(PHOTOS)

United States of America World National Health Service
By Aruna Dec 24, 2023 02:48 AM GMT
Aruna

Aruna

Report

දුර්ලභ ද්විත්ව ගර්භාෂයක් ඇති එක්සත් ජනපද කාන්තාවක් දින දෙකක් තුළ ඇයගේ නිවුන් දරුවන් දෙදෙනාට උපත ලබා දී තිබෙන බව වාර්තා වනවා.

මෙය කාන්තාවන් මිලියනයකින් එක් අයෙක් මුහුණ දෙන ගැබ් ගැනීම් තත්ත්වයක් වන අතර ඇය ගත කර ඇති සම්පූර්ණ ප්‍රසව කාලය පැය 20ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

තරුණියක් මිලියනයකින් එක් අයෙක් මුහුණ දෙන ගැබ් ගැනීම් තත්ත්වයකින් දරුවන් 02ක් බිහි කරයි.(PHOTOS) | Kelsey Hatcher Twins Baby

32 හැවිරිදි කෙල්සි හැචර් පසුගිය අඟහරුවාදා එක් දියණියක් ද බදාදා දෙවැන්නා ද බර්මින්හැම්හි ඇලබාමා විශ්ව විද්‍යාලයේ රෝහලේදී ප්‍රසූත කර තිබේ.

සමාජ මාධ්‍යවල ඇගේ "ආශ්චර්යමත් ළදරුවන්" මෙලොව එළිය දැකීම නිවේදනය කරමින් කෙල්සි හැචර් තමන් සමග සිටි වෛද්‍යවරුන් ඇදහිය නොහැකි සේවයක් තමාට සැපයූ බවට ප්‍රශංසා කර ඇත.

තරුණියක් මිලියනයකින් එක් අයෙක් මුහුණ දෙන ගැබ් ගැනීම් තත්ත්වයකින් දරුවන් 02ක් බිහි කරයි.(PHOTOS) | Kelsey Hatcher Twins Baby

වෛද්‍යවරුන් පවසන්නේ, වෙනම උපන් දින සහිත මෙම නිවුන් දරුවන් දුර්ලභ තත්ත්වයක් බවයි.

කෙල්සි හැචර් පැවසුවේ නිවාඩු කාලය භුක්ති විඳීමට පවුල දැන් ආපසු නිවසට පැමිණ ඇති බවයි.

ඇලබාමා රෝහලේ ප්‍රසව වෛද්‍යවරියක් අලුත උපන් දරුවන් දෙදෙනා සහ මව, හොඳින් සිටින බව තහවුරු කර ඇති අතර, එය ඇයගේ වෘත්තියේ බොහෝ දෙනා ඔවුන්ගේ සම්පූර්ණ වෘත්තීය ජීවිතය තුළ කිසිදා අත්නොදකින තත්ත්වයක් බවයි ඇය වැඩි දුරටත් විස්තර කළේ.

GalleryGallery
ReeCha