මාරක බස් අනතුරෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

By Sewvandhi Jun 10, 2023 11:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෙළින්කන්ද සිට මතුගම දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් මාකෙළි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් පස් කන්දක ගැටී මාරක අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

එහිදී බස් රථයේ රියදුරා ඇතුළු 9 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර ඉන් පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ජීවිතක්ෂයට පත්වූ සිසුවා 17 හැවිරිදි බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.