නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිගේ පුංචි මල් කැකුලට වෙච්ච විනාසේ - බිහිසුණු අනතුරින් අම්මයි අයියවයි තියලා ආයේ නොඑන්නම ගිහින්

Report

ගම්පොළ - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල, නාගොල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ තුන් හැවිරිදි දියණිය මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අනතුරින් තුවාල ලැබූ ඇයගේ මව සහ හත් හැවිරිදි සහෝදරයා මේ වන විට ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ඇත්ගාල පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගම්පොළ උනම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි, නාවලපිටිය පොලිස් ස්ථානාධිපති නිස්සංක නන්දන කුලතුංගගේ දියණිය වන අභීෂා නිෂාරා කෙනුලි කුලතුංග නමැති වයස අවුරුදු 03යි මාස 03ක දැරියක්.

එමෙන්ම මියගිය දැරියගේ පෙර පාසල් ගුරුවරියගේ උපන් දින සැමරුමක් වෙනුවෙන් සහභාගී වීමට මව සහ දරු දෙදෙනා යතුරුපැදියකින් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

''මට සිහිය නැති­වෙලා ඉස්පි­රි­තා­ලෙදී තමයි දන්නෙ අම්ම මිය­ගි­හින් නංගියි, මල්ලියි ඉස්පි­රි­තාලෙ කියලා,, තණ­කො­ළ­වත්තේ අනතුරින් මියගිය මව ගැන දියණිය හෙළිකල සංවේදී කතාව

''මට සිහිය නැති­වෙලා ඉස්පි­රි­තා­ලෙදී තමයි දන්නෙ අම්ම මිය­ගි­හින් නංගියි, මල්ලියි ඉස්පි­රි­තාලෙ කියලා,, තණ­කො­ළ­වත්තේ අනතුරින් මියගිය මව ගැන දියණිය හෙළිකල සංවේදී කතාව

එසේම ‍ඔවුන් සිය මංතීරුවේ ගමන් කරමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් නාගොල්ල ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෙම යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය ගම්පොළ ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටියදී පෙරේදා (21) සවස මිය ගොස් ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, දැරිය යතුරුපැදියේ ඉදිරිපස ගමන් කර ඇති බවත්, අනතුරේදී පපු ප්‍රදේශය යමක තදින් ගැටීමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවත්ය.

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට සිසුන්ගේ මව්පියන් පහර දීලා - 7 දෙනෙක් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට සිසුන්ගේ මව්පියන් පහර දීලා - 7 දෙනෙක් අත්අඩංගුවට

එමෙන්ම හදිසි මරණ පරීක්ෂණය ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් පවත්වන ලද අතර, එහිදී මියගිය දැරියගේ පියා වන නිස්සංක නන්දන කුලතුංග සහ මව වන ඩිලූකා චාමලී යන අය සාක්ෂි ලබා දී ඇත.

මේ අතර අනතුර සිදුකළ මෝටර් රථයේ රියැදුරු වශයෙන් හඳුනාගත් නාවලපිටිය, අඹගමුව ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙක් ඇත්ගාල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් සරසි පරණමාන නියෝග කර ඇත.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණය එක්ක ‍මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක් - රථ වාහන ගිනි තියලා යුධ කලාපයක් වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණය එක්ක ‍මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක් - රථ වාහන ගිනි තියලා යුධ කලාපයක් වෙයි