මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණය එක්ක ‍මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක් - රථ වාහන ගිනි තියලා යුධ කලාපයක් වෙයි

Report

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වශයෙන් සැලකෙන 'එල් මෙන්චෝ' ගේ මරණයත් සමඟ එරට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙක්සිකෝවට මෙන්ම අමෙරිකාවට ද තර්ජනයක් වූ ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වන 'එල් මෙන්චෝ' ගේ මරණයෙන් අනතුරුව කලහකාරී ආකාරයට හැසිරෙන ඔහුගේ ආධාරකරුවන් එරට නගර රැසක මාර්ග අවහිර කර රථවාහන ගිනි තබමින් දේපළ හානි සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශ යුද කලාප බවට පත්ව ඇති බව එරට රැදී සිටින විදේශිකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කෙරේ

අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කෙරේ

කෙසේ වෙතත් ඇතිවූ තත්ත්වය හමුවේ වෙළෙඳසැල් රැසකට ගිනි තබා ඇති අතර බැංකු ශාඛා 20කට පමණ හානි සිදුකර ඇති බව සඳහන්.

එසේම කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු ආරක්ෂක අංශ මඟින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට මෙක්සිකානු රජය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම මෙක්සිකෝවේ නොසන්සුන්කාරී තත්ත්වයන් පවතින ප්‍රදේශවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඇතැම් ගුවන් සමාගම් පියවර ගෙන ඇති අතර ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙස එරට වෙසෙන අමෙරිකානු ජාතිකයින්ට අමෙරිකාව මඟින් දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.  

අත්අඩංගුවට ගත් මහසොහොන් කලූ නැමති අකුරේගොඩ ඝාතකයා තවත් ඝාතන 10කට වැඩිය කරලා - රහස් එළියට

අත්අඩංගුවට ගත් මහසොහොන් කලූ නැමති අකුරේගොඩ ඝාතකයා තවත් ඝාතන 10කට වැඩිය කරලා - රහස් එළියට

ලොකු ලොක්කෝ ඇතුළු ප්‍රසිද්ධ භික්ෂූන්ටත් පාතාලෙන් ජීවිත තර්ජන - සිය ගණනක් පණ බයේ ආරක්ෂාව ඉල්ලයි

ලොකු ලොක්කෝ ඇතුළු ප්‍රසිද්ධ භික්ෂූන්ටත් පාතාලෙන් ජීවිත තර්ජන - සිය ගණනක් පණ බයේ ආරක්ෂාව ඉල්ලයි