රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ මාර්ගය යළි විවෘතයි

Report

කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇති බව ජනතාවට දැනුම් දී ඇත.

ඊයේ (03) පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරළී ඇත.

ඒ හේතුවෙන් ගනේතැන්න සහ කඩුගන්නාව අතර මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.

පොලිසිය පැවසුවේ කාලගුණික තත්ත්වය යහපත් වීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදුන් නිර්දේශ අනුව අද පෙරවරු 6.00 සිට එම මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කළ බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

කාලගුණය කැළඹෙයි - මේ පැති වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

කාලගුණය කැළඹෙයි - මේ පැති වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න