කඩුගන්නාවේ මරණ සංඛ්‍යාව හය දක්වා ඉහළට - මෙහෙයුම් අවසන් කරයි

Report

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22) පෙරවරුවේ සිදුවූ නායයෑමෙන් විපතට පත් වූ පිරිසන් සෙවීම සහ මුදා ගැනීම යුද හමුදාව විසින් ක්‍රියාත්මක කළ මෙහෙයුම් මේ වනවිට අවසන් කර ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පෙරවරු 9.00ට පමණ වෙළඳසැලක් මතට පස් සහ ගල් පෙරළී වැටීමෙන් අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් පසු සුන්බුන් අතර සිරවූවන් සෙවීමට යුද හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව විශාල මෙහෙයුමක් ගෙන ගියහ.

පහළ කඩුගන්නාව නායයෑමෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළට

පහළ කඩුගන්නාව නායයෑමෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළට

තත්ත්වය හේතුවෙන් නුවර–කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයේදී වසා දැමීමටත්, එම ප්‍රදේශය හරහා ගමන් කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කිරීමට මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දීමටත් පියවර ගෙන ඇත. ඒ අනුව මේ වනවිට මෙහි මෙහෙයුම් කටයුතු අවසන් කර තිබේ.

කඩුගන්නාව ඛේදවාචකයේ මරණ ගණන ඉහළට

කඩුගන්නාව ඛේදවාචකයේ මරණ ගණන ඉහළට