කඩුගන්නාවේ නායයෑමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට යුද හමුදාව පැමිණෙයි
By Mithu
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම සහ මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා 8වන සිංහ රෙජිමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.
නිවේදනයේ සඳහන් වන්නේ, මේ වන විට සුන්බුන් අතර සිරවී ඇති බව විශ්වාස කෙරෙන අතුරුදන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා එක් නිලධාරියෙකු සහ තවත් 15 දෙනෙකුගෙන් සමන්විත යුධ හමුදා කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවයි.
එමෙන්ම මුදා ගැනීමේ කටයුතුවලට සහාය වීම සඳහා රෙජිමේන්තුවේ තවත් එක් නිලධාරියෙකු සහ 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යෙදවනු ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව මෙම අවාසනාවන්ත අනතුරින් මිය ගිය ගණන පහ දක්වා ඉහළ ගොස් ඇත.