ශ්රී ලංකාවෙන් පාකිස්ථානයට ලකුණු 129ක ඉලක්කයක්
තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය රාවල්පින්ඩි ක්රීඩාංගනයේ පැවැත් වෙමින් පවතී.
කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළ ශ්රී ලංකා කණ්ඩායම, නියමිත 20 පන්දුවාර අවසන් වනවිට 7 කඩුලු දැවී ලකුණු 128ක් රැස් කළේය.
ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41ක්, කුසල් පෙරේරා ලකුණු 25ක්, කමිල් මිෂාර 22ක්, පැතුම් නිස්සංක 17ක්, වනිඳු හසරංග 11ක් ලබා සිටී.
අනෙක් ක්රීඩකයන් කිසිවෙකුම 10 ලකුණු සීමාව ඉක්මවා නොගියහ. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් Mohammad Nawaz කඩුලු 3ක් දවා ගත් අතර Salman Mirza, Faheem Ashraf සහ Abrar Ahmed එක් කඩුලු බැගින් දවා ගෙන ඇත.