සමාජ මාධ්‍ය කැළඹු ළමා දින නැටුමට එරෙහි විනය ක්‍රියාමාර්ගයට සිදු වු දේ.

Report
145 Shares

පසුගියදා බප/ මීග කදිරාණ කනිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් වැඩසටහනට සමාජ මාධ්‍ය ජාල කැළඹු පුවතක් බවට පත්වුණා.

ඒ, සිසුන් සහ ගුවරුන් එක්ව එකතරා ගීතයකට ඉදිරිපත් කළ නර්තනයක් හේතුවෙන්.

සමාජ මාධ්‍ය ජාල සංසරණය වූ නර්තන වීඩියෝව සම්න්ධයෙන් විවිධ මත පළ වූ අතර ඒ සම්න්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත් එම විනය ක්‍රියාමාර්ගය සම්බන්ධව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ලිපියක් මඟින් මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ අනුව ඔහු පවසන්නේ මෙම පුවත් සම්බන්ධව කරුණු සොයා බලා වාර්තා කරන ලෙසයි.

එමෙන්ම බප/ මීග කදිරාණ කනිෂ්ඨ විද්‍යාලයේ පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සහභාගිත්වයෙන් සිදු වූ සාමූහික ක්‍රියාකාරකමක් බවත්, මේ පිළිබඳ ඉදිරි මාර්ග ගැනීම අවශ්‍ය නොවන බවත්, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අත්සනින් යුත් එම ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.   




Gallery