බංග්ලා­දේ­ශයේ මාධ්‍ය­වේ­දීන්ට ආරක්ෂාව ඉල්ලලා, හේතුව මෙන්න

By Kanchana Feb 02, 2026 10:51 AM GMT
Report

මේ මස 12 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත බංග්ලා­දේ­ශයේ මහ­මැ­ති­ව­ර­ණ­යට පෙර මාධ්‍ය නිද­හස සහ මාධ්‍ය­වේ­දීන්ගේ ආර­ක්ෂාව සහ­තික කිරීම සඳහා කඩි­නම් පිය­වර ගන්නා ලෙස එරට මාධ්‍ය­වේ­දීන් සුරැ­කීමේ කමි­ටුව සියලු දේශ­පා­ලන පක්ෂ වෙත ලිපි­යක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම ලිපිය යොමු කර තිබෙනුයේ මැති­ව­රණ සමය ඇතු­ළත ප්‍රච­ණ්ඩ­ත්වය, බිය ගැන්වීම් සහ අප­රාධ මෙන්ම ජාතික ආර­ක්ෂක නීති­රෙ­ගු­ලාසි අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු කරුණු ගණ­නා­වක් සඳ­හන් කර­මිනි.

එරට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සඳහා ජමාටි ඉස්ලාම් සංවි­ධා­න­යෙන් සිදු­වන බල­පෑම් සහ ඉස්ලාම් ආග­මට පට­හැණි බව ඉස්මතු කර­මින් කාන්තා නිද­හ­සට සහ අයි­ති­වා­සි­ක­ම්ව­ලට බල­පෑම් එල්ල කිරීම ඇතු­ළුව මැති­ව­රණ සම­යේදී සිදු­වීම් රැසක් වාර්තා වී ඇත.

වාර්තා­ක­ර­ණයේ නිර­තව සිටි මාධ්‍ය­වේ­දීන් පස්දෙ­නකු මේ වන විට ආර­ක්ෂක අංශ මඟින් රඳවා තබා සිටින බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ගුරු සංවර්ධන නිලධාරී ගැටලු ලිහන්නැයි තවත් උද්ඝෝෂණයක්

ගුරු සංවර්ධන නිලධාරී ගැටලු ලිහන්නැයි තවත් උද්ඝෝෂණයක්

ශෙයික් හසී­නාගේ අවාමි ලීග් රජය බිඳ වැටී­මත් සමඟ ජමාටි ඉස්ලාමි සංවි­ධා­නයේ තහ­නම අන්ත­ර්වාර රජය විසින් ඉවත් කරනු ලැබී­මෙන් පසු බංග්ලා­දේ­ශයේ ආග­මික අන්ත­වා­දය ව්‍යාප්ත වීමේ අව­දා­නම සහ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සීමා කිරීම ඇතුළු චෝදනා රැසක් දැන­ට­මත් අන්ත­ර්වාර රජ­යට එල්ල වී ඇත.

බංග්ලා­දේ­ශයේ මාධ්‍ය­වේ­දින් සුරැ­කීමේ කමි­ටුව ප්‍රකාශ කර තිබෙනුයේ දීර්ඝ කාල­යක් පුරා පව­තින මාධ්‍ය­වේ­දීන්ට එරෙහි ප්‍රච­ණ්ඩ­ත්වය තුරන් කිරීම සඳහා මාධ්‍ය ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් සිදු කිරීමට අන්ත­ර්වාර රජය අස­මත් වී ඇති බවයි.

බස් රියැදුරන් ගැන ඇමති බිමල් හෙළිකල තිත්ත ඇත්ත

බස් රියැදුරන් ගැන ඇමති බිමල් හෙළිකල තිත්ත ඇත්ත