ජොන්ස්ටන් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්.
හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථය නඩත්තු කටයුතු සඳහා රැගෙන යාමේදී භාවිතා කළ අංක තහඩුවට අයත් වාහනයේ මුල් ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (20) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් ප්‍රශ්නගත වාහනය නඩත්තුව සඳහා ගෙන යාමේදී භාවිතා කර ඇත්තේ, වෙනත් අංක තහඩුවක් බව කියමින් ඉදිරි විමර්ශන සදහා එහි මුල් ගොනුව ලබා දෙන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.
ලියාපදිංචි නොකරන ලද ප්‍රශ්න ගත වාහනය නඩත්තු සදහා ගෙන ගිය වාහනයේ අංකය නඩත්තු කළ සේවා ආයතනයෙන් ලබාගත් බවත්, එම ආයතනයේ සේවය ලබා දුන් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
එම වාහනය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සීසීටීවී දර්ශන සුරක්ෂිත කර තබන ලෙසත්, මහේස්ත්‍රාත්වරිය එහි කළමණාකාරිත්වයට පසුගියදා (11) නියෝග කරනු ලැබුවා.