රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ පුරප්පාඩුවක් පිරවීමට මෙන්න සුපිරි චාන්ස් එකක්.- අයැදුම් කරන්නේ මෙහෙමයි.

Government Of Sri Lanka Job Opportunity
By Wayomi Sep 04, 2024 08:48 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වේ නම් එවැනි තැනැත්‍තකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලනු ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරනවා.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රාජ්‍ය සේවයේ රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එම ධුරය දැරීම සඳහා ඉහත පත්කිරීම බලාත්මක වූ විට නතර වන අතර රාජ්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකු ලෙස තවදුරටත් පත් කරනු ලැබීමට ඒ තැනැත්තා නුසුදුස්සකු වනු ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කර තිබෙනවා.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.


මේ සඳහා වන අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 සැප්තැම්බර් මස 23 දින හෝ එදිනට පෙර, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

‘රට අනුරට’ ගන්න දිවයින පුරා මහ ගල්කොරියන්ට දුන් භෝජන සංග‍්‍රහයට මැකෝ කඩාපනී. - අවසානයේ සිදු වූ දේ මෙන්න.

‘රට අනුරට’ ගන්න දිවයින පුරා මහ ගල්කොරියන්ට දුන් භෝජන සංග‍්‍රහයට මැකෝ කඩාපනී. - අවසානයේ සිදු වූ දේ මෙන්න.

පාස්පෝට් පෝලිම් ඉවරයි. - අඩු මිලකට ඩිජිටල් ගමන් බලපත්‍රයක් ලැබෙන දින වකවානු ගැන දැනුම්දෙයි.

පාස්පෝට් පෝලිම් ඉවරයි. - අඩු මිලකට ඩිජිටල් ගමන් බලපත්‍රයක් ලැබෙන දින වකවානු ගැන දැනුම්දෙයි.