"ඇයි ඔයා මේ තරම් ඉක්මනට යන්න ගියේ.. අපිත් එක්ක හිටියා නම් අද ඔයාට...." මියගිය සොයුරාගේ මතක අවුස්සන ලෙලුම් රත්නායක - (PHOTOS)
අයියා මල්ලී කියන්නේ මතක ගොඩක් එක් වෙන ආදරණීය සහෝදර බැඳීමක් ... ඔවුන් දෙදෙනාම රටක් හඳුනන ප්‍රවීණ සංගීත ශිල්පීන් දෙදෙනෙක්.. ඒත් එක්කම මොවුන් දෙපලගේ පියා රටක් හඳුනන ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක...
එහෙම කිව්වාම මේ අයියා මල්ලී දෙන්නා කවුද කියන එක බොහෝ දෙනෙක් හඳුනනවා... ඒ ලෙලුම් සහ ජනන්ත... කොහොම වුණත් මීට වසර කීපයකට පෙර ජයන්ත රත්නායක නම් ඒ ප්‍රවීණ කීබෝඩ් වාදන ශිල්පියා අප අතරින් සදහටම සමුගත්තා....
ඒ දරුණු පිලිකා රෝගී තත්වයක් නිසා. අද ඔහු ජීවත්ව සිටියා නම් අද ඔහුගේ ජන්ම දිනයයි.. කොහොම වුණත් මේ වෙනුවෙන් තම මියැදුන සහෝදරයා සිහිපත් කරලා ලෙලුම් රත්නායක අද ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් පලකරලා තිබුණා...
"..ඔහු ජීවත්ව සිටියා නම්, අද ඔහුගේ 55වන ජනම දිනයයි.. "අපිත් එක්ක හිටියා නම් අද 55යි... ඒත් ඔයා ඉක්මනින්ම ගියා... සුභ උපන්දිනයක් සහෝදරයා....!! ඔබට මගහැරුණා.... ඔබට නිවන් සැප ලැබේවා...!" මේ ඔහු එක්කළ සටහනයි...