විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

Report

බොහෝ කලක් තිස්සේ විශ්වාසදායක මිතුරෙකු ලෙස ජපානය පිළිබඳව ශ්‍රී ලංකාවට තියෙන හෘදයාංගම සම්බන්ධය පිළිබඳව, විශේෂයෙන්ම අප රටේ සංවර්ධනය සහ යටිතල පහසුකම් ව්‍යාප්තිය සඳහා ජපානයෙන් ලැබෙන සහාය විශිෂ්ට ලෙස අගය කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළාය.

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

ජපානයේ ඉහළ පෙල ආයෝජකයින් පිරිසක් 31 වැනිදා බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ අදහස් දැක්වීය.

එහිදී විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ඇති ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා විය.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදන සහ සම්ප්‍රේෂණ ක්ෂේත්‍රවල ඇති අවස්ථා උපයෝගී කරගෙන ආයෝජන සිදු කිරීම රජය විසින් උදෙසා ඇති බවත්, එම ආයෝජකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලබන බවත්ය.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවලින් අවසර ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාද සහ ගැටලු පිළිබඳවද එම ආයෝජකයින් විසින් අවධානය යොමු කරමින් අමාත්‍යවරයා දැනුවත් කළහ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ගැටළු රජය හඳුනාගෙන ඇති අතර එවැනි බාධාවන් අත්හරින පියවරද මේ වන විට ගෙන ඇති බව සඳහන් කළේය.

ඉදිරියේදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කිරීමට තමන් කැමැත්ත පළකරන අතර, අමාත්‍යවරයා ලබාදුන් තොරතුරුද සලකා බලමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බව ජපාන ආයෝජක පිරිස පැවසීය.

මෙම හමුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂණ ගමගේ මහතාද එක්ව සිටියාය.