මගේ තනේ බලන්නේ සිනමා ශාලාවට යන අය එන්නේ වෙනස් වෙලා.මේ දවස් වල බොහෝ ජනප්‍රිය කරුණා (PHOTOS)
මේ දවස් වල ඉතා ජනප්‍රිය චරිතයක් තමයි කරුණා කියන්නේ. ඒ ජංගි හොරා චිත්‍රපටයේ එක චරිතයක් එම චරිතයට පන පොවන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුද්ධි රන්දෙණිය විසිනි. ඉතින් මේ චිත්‍රපටය ගැන සහ ඇය ගැන බුද්දු අපිට කිවුවේ මේ විදිහටයි.
මේ දවස්වල චනික පෙරේරාගේ යක්ක නාද ටෙලි නාට්‍යයේ ෂුටින් කරනවා තිස්සමහාරාම ප්‍රදේශයේ. මේ නිර්මාණයේ සුද්දි කියන චරිතය තමයි මම කරන්නේ. කුල හීන සමාජයක කාන්තාවක් තමන්ගේ දරුවන් ඉහළ සමාජ තලයන්ට ඔසවා තබන්න ගන්න උත්සාහයක් තමයි මම කරන සුද්දි නැමැති කුලහීන කාන්තාව තුළින් එළියට ගෙනෙන්නේඒ වගේම මම රඟ පෑ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන මුනිස්සම් ටෙලි නාට්‍යය මේ දවස්වල සිරස නාලිකාවෙන් විකාශය වෙනවා.
එහි යශෝධාට රඟපාන්නේ මම. මේ චරිතය නම් ටිකක් සටකපට චරිතයක්. මේ චරිතයට ලැබෙන පේ්රක්ෂක ප්‍රතිචාර නම් එච්චර හොඳ නෑ. මගේ සටකපටකම් නම් පේ්රක්ෂකයෝ අනුමත කරන්නේ නැති බවයි. මට ලැබෙන ප්‍රතිචාරවලින් හැඟෙන්නේ. මගේ මුල්ම සිනමා රංගනය සෝමරත්න දිසානායකයන්ගේ ජංගි හොරා. එහි කරුණා මම. ඊට පස්සේ මම දායක වුණේ සෝමරත්න දිසානායකගේම සරිගම චිත්‍රපටයට එහි කන්‍යා සොයුරියක් ලෙස රඟපෑවා.
ඉන්පසු පාලිත පෙරේරාගේ තාල චිත්‍රපටයේ ගැමි කාන්තාවකට රඟපෑවා. දැනට අවසානයට රඟපාල තියෙන්නේ රොහාන් පෙරේරාගේ සීගිරි චිත්‍රපටය. ‘සීගිරි’ ඉදිරියේ දී තිරගත වෙන්න තියෙනවා. සරිගම තාල මේ වන විට තිරගත වෙලා ඉවරයි. මේ දවස් වල මම මුලින්ම රඟපෑ ජංගි හොරා චිත්‍රපටය තිරගත වෙමින් තියෙනවා
.ජීවත් වෙන්න සමාජ අරගලයක යෙදෙන ගැහැනියක් තමයි කරුණා. මම කොහෙත්ම කැමැති නෑ ඇය සටකපට ගැහැනියක් ලෙස හඳුන්වනවට මම කරුණාව පිටපතේ දැක්කේ මානව දායාව තියෙන ගෑනු කෙනෙක්.
කිසිම වෙලාවක තමන්ගේ ස්වාමියාව හූරගෙන කන්න හදන කෙනෙක් නොවෙයි,කරුණා තමන්ගේ ආධිපත්‍ය තුළ ස්වාමියාව රැක ගන්න තම ස්වාමියාගේ මානසික ව්‍යාධිය සමාජයට නොපෙන්වා සිටින්න කරුණා දරන මේ උත්සාහය තමන් ගේ ස්වාමි දුව නයනිටත් වසන් කරමින් සෑම් සර්ව ආරක්ෂා කරන්න තරම් කරුණා උත්සාහ ගන්නවා.
සෝමරත්න දිසානායක මහත්තයාගේ චිත්‍රපටයක රඟපාන්න යනවා කියලා ගෙදරට කිව්වහම ගෙදරින් නම් කිසිම විරෝධයක් එල්ල වුණේ නෑ. හැබැයි මම චරිතය ගැන නම් එහෙම ලොකුවට කිව්වේ නෑ. කොයි දෙමව්පියෝ වුණත් කැමැති නැනේ තමන්ගේ දරුවා නුසුදුසු දෙයක් කරනවාට
. ගෙදරින් අවසරය ලැබුණේ මම චරිතය ගැන කොලේ වහලා ගෙදරට කිව්ව දේට, සමහරවිට ඇත්තම කිව්වා නම් මට ජංගි හොරා නැතිවෙන්නත් තිබුණා.ගෙදර අයත් විශේෂයෙන් අම්මත් තාත්තාත් චිත්‍රපටය බලලා ඇවිත් දොස් කිව්වා. දැන්නම් ඒක සමනය වෙලා. අම්මා නම් ගෙට ගොඩ වුණ ගමන් කිව්වේ ඔය කරලා තියෙන්නේ රඟපාන්න ගිහින් දැන් විසුමක් වෙන එකක් නෑ කියලා. දැන් බලන්න, ජංගි හොරා බලන්න මුලින්ම යන පේ්රක්ෂකයෙක් සමහරවිට යන්න පුළුවන් දිල්හානි ජංගිය ගලවලා දෙන එක බලන්න, බුද්ධි රන්දෙණිය තනය දෙන එක බලන්න
. ඒත් යන පේ්රක්ෂකයා පේ්රක්ෂකගාරයෙන් එලියට එන්නේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් විධියට. මගේ අම්මායි තාත්තායි චිත්‍රපට ලෝලීන්. ඒ දෙන්න මේ තත්ත්වය ඉක්මනින් අවබෝධ කරගත්තා. මගේ තනේ බලන්න කියලා සිනමා ශාලාව ඇතුළට යන පේ්රක්ෂකයා එයින් එළියට එන්නේ වෙනස් පුද්ගලයෙක් විධියට. අපේ සමාජයේ අපි විවෘතව කතා නොකරන ඒත් සමාජය තුළ විශාල වශයෙන් තියෙන සමාජ ප්‍රශ්නයක් මේ. රෝගී තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් ගැන, ඔහුව එයින් මුදවා ගන්න හදන උත්සාහය ගැන මුළු මහත් සමාජය දැනුම්වත් කරන නිර්මාණයක් විධියට මම මේ සිනමා කෘතිය දකිනවා
. මගේ පෞද්ගලික මතය නම් අපේ රටේ අවුරුදු 18ට වැඩි හැම ළමයෙකුට පෙන්විය යුතු චිත්‍රපටයක් මේක. මම කියන්නේ ලිංගිකත්වය කියන දේ අපි විවෘතව කතා කළ යුතු මාතෘකාවක්. එහෙම වුණොත් සමහර විට අපේ රටේ තියෙන දික් කසාදය බොහෝදුරට වළකාගන්න පුළුවන් වෙයි. චිත්‍රපටය බලපු බොහෝ අම්මලා තාත්තලා අද තමන්ගේ දරුවන් පෙළෙන රෝගී තත්ත්වයන් ගැන කතා කරන්න අපේ උපදේශනයන් වෙත යොමු වෙන බවක් දකින්න තියෙනවා.
සමාජයේ කවුරුත් මෙතෙක් කතා නොකරපු ඒත් සමාජයේ පවතින මාතෘකාවක් පිළිබඳ සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා සමාජ යහපත වෙනුවෙන් සිනමාරූපීයව සමාජය අවධි කිරීම ගැන මම ඔහුට ස්තූති වන්ත වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |