මම නිරුවත් වෙන්නේ කැමරාව ඉස්සරහා මිසක් පිටිපස්සේ නෙමෙයි.." "ජංගි හොරා" චිත්‍රපටයේ කරුණා කියපු කතාව (PHOTOS)

sri lanka karuna Film Jangihora
By Sithumi Jan 17, 2022 05:55 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල බොහෝ දෙනා අතර වැඩි වශයෙන් කථාබහට ලක්වන, සමාජයේ පවතින කාලීන ගැටලුවක් පිළිබඳව ඉතාම බුද්ධිමත්, සරල අයුරින් කතාබහට ලක්වන, ආන්දෝලනාත්මක සිනමාපටයක් ලෙස මේ දිනවල වාර්තා පිහිටුවමින් තිරගතවන

“ජං’ ගි හොරා (Und ‘ erpa ‘nts Thief)” සිනමාපටය හඳුන්වා දෙන්න පුළුවන්. එහි රංගනයෙන් දායක වන,බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පීන් ,ශිල්පිනියන් අතර අද අපි කතා බහ කරන්න සුදානම් වෙන්නේ අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනී බුද්ධි රන්දෙණිය සමඟයි. “ජං’ ගි හොරා” සිනමාපටයෙහි “කරුණා” නම් සේවිකාවක ගේ චරිතයකට ජීවය එක් කරන ඇය ඒ හරහා බොහෝ හොඳ ප්‍රතිචාරයන් රසිකයන්ගෙන් ලබන බවයි කියා සිටියේ.

ඒ වගේම එම චරිතය බාරගැනීම ඇය ගත් බුද්ධිමත් තීරණයක් ලෙස සලකන බව පවසන බුද්ධි කියා සිටියේ අධ්‍යක්ෂක වරයා විසින් එම චරිතයට ආරාධනා කර පිටපත ලබා දී දින තුනක් ඇතුළත පිළිතුරක් දෙන ලෙස පැවසුවත් ඇය පිටපත කියවා දින දෙකක් යන්නටත් පෙර කැමැත්ත ප්‍රකාශ කළ බවයි.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන බුද්ධි හට “ජං’ ගි හොරා” සිනමාපටයේ “කරුණා” නම් චරිතයට ආරාධනා ලැබෙන්නේ විශ්වවිද්‍යාල කටයුතු අවසන් කිරීමත් සමඟ බවයි කියා සිටියේ

. මනෝ විද්‍යාව හදාරන වෘත්තිමය මනෝ චිකිත්සක වරියක වන ඇයට මෙම සිනමාපටය සඳහා ආරාධනා ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත්, හිතුවටත් වඩා හොඳට එම චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ඇයට හැකි වූ බවයි කියා සිටියේ.

එම චරිතයට ප්‍රේක්ෂකයින් ගෙන් අයහපත් ප්‍රතිචාරයන් ලැබේදෝ කියා මුලින් බියෙන් සිටියත් එවැනි කිසිදු නරක ප්‍රතිචාරයක් මේ වන තුරුත් ලැබී නොමැති බවත්, මින් පෙර උදෑසන අවදි වූ පසු මුහුණු පොතේ සැරි සැරුවේ නැතත් මේ දිනවල ඇයගේ රංගනයට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබී තිබෙන ප්‍රතිචාර දැනගැනීමට උදෑසන අවදි වූ පසු මුලින්ම සිදු කරන්නේ මුහුණු පොතට පිවිසීම බවත්, මේ වන තෙක් හොඳ ප්‍රතිචාර මිස නරක ප්‍රතිචාර ලැබී නොමැති බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මනෝ උපදේශිකාවක ලෙස අති විශාල සේවයක් ඉටු කරන ඇය වැඩි වශයෙන් කාලය ගත කරන්නේ එම දරුවන් සමග බවයි. අපට දැනගන්න ලැබුණේ. ඉතින් ඔබ සැම බෙහෙවින් ආදරය කරන මේ අති දක්ෂ රංගන ශිල්පිනිය බුද්ධි ගේ ඉදිරි ගමනට අප ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා

ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery