ගමක්ම බය කළ කප්පම් කල්ලිය..

Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 15, 2023 10:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කණ්ඩායම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස යාපනයේ පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවැති අද (15) පෙරවරුවේ, විශේෂ කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගි වූ අමාත්‍යවරයාට ගොවි ජනතාව විසින් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් අදාළ සිදුවීම් පිළිබඳව පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔවුන් පෙන්වාදී ඇත.

යාපනයේ ගොවීන් තම අස්වනු වෙළෙඳපොළට අලෙවිය සඳහා රැගෙන එන විට සෑම දිනකම පිරිසක් සංවිධානය වී කප්පම් ලබා ගන්නා බව ගොවීන් සඳහන් කර තිබේ.

මෙම කප්පම් කල්ලිය යාපනය, කොඩිකාමම් හා සින්නවේලි යන වෙළෙඳපොළවල කාලයක තිස්සේ ක්‍රියාත්මක වන බව සඳහන්ය.

ගොවීන් සිදුකරන ලද පැමිණිලි සැලකිල්ලට ගත් අමාත්‍යවරයා එම කප්පම් කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා හෝ පියවර ගන්නා ලෙස අදාළ පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ReeCha