පුද්ගලයෙකුට තුවාල සිදුකරමින් යාපනයේ පිපිරීමක්..

By Wasantha Jun 27, 2021 02:17 PM GMT
Wasantha

Wasantha

Report

මුලතිව් පොලිස් වසමේ ස්වාමිතොට්ටම් ප්‍රදේශයේදී 26 දින සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

අදාල පුද්ගලයා ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුලු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් එහිදී එම පුද්ගලයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුලත් කොට ඇති බව පොලීසිය පැවසීය.

එහිදී පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි යන්න නිශ්චිතවම අනාවනය වී නොමැති අතර යුද සමයේදී පොළව යට තිබූ කිසියම් බෝම්බයක් හො පුපුරණ ද්‍රව්‍යක් ගිනි තැබීම හේතුවෙන් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පලකර සිටියි. පිපිරීමෙන් එම පුද්ගලයාගේ තත්වය බරපතල නොවන අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.


ReeCha