මනමාලිය කැන්දන් යන්න ඉතාලියේ සිට ආ තරුණයා කොරෝනාවට බිලි

By Wasantha Aug 18, 2021 07:12 AM GMT
Report

සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත මෙලනි මහත්මිය කොවිඩ් ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මියගොස් ඇත. ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.