මැදපෙරදිග සටන් තීව්ර වෙයි - ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් ලෙබනනයේ සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජිවිතක්ෂයට
By Kanchana
දකුණු දිග ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතිබව වාර්තා වේ .
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්වු 13 දෙනා අතරට කාන්තාවන් 4 දෙනෙකු හා කුඩා දරුවෙකු අයත් බවයි .
එක් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දී ඇති හබූෂ් ප්‍රදේශයේ පුද්ගලයින් 8 දෙනෙකු ද තවත් ප්‍රහාරයකින් සරේරියා ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු ද මෙලෙස මිය ගොස් ඇත.
ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් තවත් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සති 3ක කාලයක් පුරා ලෙබනනය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද ඊශ්‍රායලය හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු කරනු ලබයි .