ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ලොක්කෙක් ඝාතනය කරයි
By Kaushi
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත්, ලෙබනන් අගනුවර වන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හිස්බුල්ලා සංවිධානයේ මාණ්ඩලික ප්‍රධානී හයිතම් අලි අල්-තබ්තාබායි වන මොහු එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දැරූ ප්‍රවීණයෙකු බව සඳහන්.
මේ අතර ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ජනාකීර්ණ ඩහී දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයෙන් අවම ලෙස පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.
එසේම තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මේ අතර හිස්බුල්ලා සංවිධානය තබ්තබායිගේ මරණය තහවුරු කළ අතර, ප්‍රහාරය සිදුකිරීමේදී ඊශ්‍රායලය "රතු රේඛාව" ඉක්මවා ගොස් ඇති බව ද සඳහන් කර තිබෙනවා.