අවධානමක් ගන්න ශ්‍රී ලංකාව ඊශ්‍රායල ඉරාන යුද්ධයට ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්

Report

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ලංකාව ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ සඳහන්ය.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරයි.

ඊශ්‍රායල ඉරාන යුද්ධයට මැදි වූ ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න...

ඊශ්‍රායල ඉරාන යුද්ධයට මැදි වූ ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න...

එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී තිබේ.