පළාත් අතර ගමනාගමනය හදිසියේම නතර වීමට හේතුව මෙන්න.
Bus
Dilum amunugama
Provincial bavundry
By Aruna
පළාත් අතර පොදු ප්‍රවාහනය අත්හිටුවා ඇත්තේ මගීන්ගෙන් බොහෝ දෙනෙක් අත්‍යවශ්‍ය සේවා නිලධාරීන් නොවන බව අනාවරණය වීමෙන් පසුව බව ප්‍රවාහන අමාත්‍ය දිලම් අමුනුගම මහතා ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇති ඩෙල්ටා ප්‍රභේදය ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවයි රජයේ පාලන කණ්ඩායම පෙන්වා දී ඇත්තේ.
බස් හා දුම්රිය වල අනවශ්‍ය ලෙස ගමන් කරන පුද්ගලයින් විසින් රෝගය පැතිරීමේ අවදානමක් ඇති බව සැලකිය යුතුය.
මේ හේතුවෙන් අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
සීමිත පදනමක් මත මෑතකදී ආරම්භ කරන ලද අන්තර් පළාත් ගමනාගමනය අගෝස්තු 1 වනදා දක්වා අත්හිටුවා තිබීම විශේෂත්වයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
