සංචරණ සීමා ඉදිරියේ දී දැඩිව ක්‍රියාත්මක කළ හැකියි

isolated prasanna ranathunga quarantine minuwangoda travel restriction
By Sewvandhi May 27, 2021 11:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඉදිරියේ දී දැඩිව ක්‍රියාත්මක කළහැකි බැවින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට පියවර රැසක් ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේම රජය විසින් පනවා ඇති සංචාරණ සීමා කාලසීමාව තුළ ජනතාව පීඩාවට පත් කරමින් වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන කළු කඩ වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සදහන් කරයි.

අද (27)පෙරවරුවේ මිනුවන්ගොඩ පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ඉදිරියේ දී සංචාරණ සීමා තවදුරටත් දැඩි කිරීමට සිදුවන හෙයින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now